Saturday 5 November 2011

සිංහල බෞද්ධ විද්‍යාවක් බිහිකර ගත නොහැක්කේ ඇයි?


නලියා ඇතුළු ගෝලබාලයන්ද ලංකා චී නිව්ස් වැනි නොමිලේ විහිළු සපයන හාංචිපයිස් වෙබ් අඩවිද, දේශීය පොල්බූරුවන්ද  සිංහල බෞද්ධ විද්‍යාවක් බිහිකරගැනීමට කරන තැටමිල්ලට මේ වන විට දශක දෙක තුනක් ගත වී තිබේ තැටමීමේ ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් හීනි පඩයක තරම්වත් ප්‍රතිඵලයක් නොලැබීම ජාතියේ වාසනාවකි. හූනු බිජ්ජක් තරම්වත් මොලයක් තිබේ නම් සිංහල බෞද්ධ විද්‍යාවක් යන්න සැබෑ කරගත නොහැකි සිහිනයක් බව මේ වන විට අවබෝධ විය යුතුය.

 නලියාගේ ප්‍රවාදයට අනුව අනුව සිංහල බෞද්ධයින්ගේ දැනුම වියුක්ත දැනුමක් නොවේ. බටහිරයන්ගේ දැනුම වියුක්ත දැනුමකි. නලියාට අනුව සිංහල බෞද්ධයෝ එක් එක් දේ වෙන්කර හදාරන පිරිසක් නොවේ. උදාහරණයක් ලෙස සමාධි පිළිමය ගන්නා නලියා ඇතුළු ගෝලබාලයෝ, එහි කලාවත්, තාක්ෂණයත්, ආගමත්, එකට ඇතැයි කියති. සිංහල බෞද්ධයෝ කන විට බත් සහ අනෙකුත් ව්‍යාංජන කන්නේ එකට අනාගෙනය. බටහිරයෝ මෙන් වෙන් වෙන් වශයෙන් ඇපටයිසර්, මේන් කෝර්ස්, සයිඩ් ඩිෂ් කියා එකක් නැත. සිංහල බෞද්ධයෝ ඇපටයිසර් එකට ගන්නේ ගෙදර ගෑනි යැයි යම් විජාතික බක පණ්ඩිතයෙක් අවලාද නගන්නට ඉඩ ඇති නමුත් බොහෝ සිංහල බෞද්ධ ගෙවල් වල මිනිහා ගෑනිට බයිට් වන බව රහසක් නොවේ. අනෙක් අතට අනාගැනීම සහ ඉල්ලං කෑම අතින් සිංහල බෞද්ධයෝ පෙරමුණේම සිටින බවත් අමුතුවෙන් කිව යුතු නැත.


බුදුහාමුදුරුවන්ගේ දර්ශනයට අනුව නම් දැනුම නිර්මාණය කිරීමම (සංස්කාර) මෝහය, අවිද්‍යාව නිසා සිදුවන්නකි. නාම රූප හටගන්නේම අවිද්‍යාව නිසාය. අනුව බෞද්ධ ආගම, දර්ශනය තුළ නව දැනුම නිර්මාණය කිරීමට ඉඩක් නැත. නිර්මාණය කල දැනුම මෙන්ම ආනයනය කරන ලද දැනුම දියුණු කිරීමටද අනුබලයක් නොලැබේ. බුදු වදනට අනුව කල යුත්තේ හැකි ඉක්මනින් සියලු ආකාර දැනුම නිර්මාණය කිරීමෙන් ගැලවීමයි. දැනුම නිර්මාණය, සංස්කරණය කරන්නේ මෝහය, අවිද්‍යා අන්ධකාරය නිසාය. වෙනත් වචන වලින් කියතොත් සසෙක්ස් වැනි බටහිර විශ්ව විද්‍යාල වලින් ආචාර්ය උපාධි ලැබුණත්, කෝවේ දමාවත් මකවන්නට බැරි උපන්ගෙයි තකතීරු, මරිමෝඩ කම නිසාය. එසේ බලන විට ලෞකික ලෝකයට ඇඳ බැඳ තබන නව නිපැයුම්, සොයාගැනීම් ආදිය මෝහයත් තණ්හාවත් නිසා කරන විකාරම පමණි. මෙවැනි පසුබිමක් තුළ සිංහල බෞද්ධ විද්‍යාවක් නිර්මාණය කිරීම යනු අමුම අමු ගොං ප්‍රවාදයක් පමණක් නොව අංක එකේ විසංවාදයක් වෙයි.


සිංහල බෞද්ධ විද්‍යාවක් නිර්මාණය කිරීම පසෙක තබා මේ විසංවාදයෙන්, පරස්පර විරෝධී මඩ ගොහොරුවෙන් නලියා ඇතුළු ගෝලබාලයන් එළියට එන අන්දම අපි සාවධානව බලා සිටිමු.