Tuesday 15 October 2013

සන්තුට්ටි පරමං දනං


Police officers reach into a crowd of protesters to make an arrest on the Brooklyn Bridge during an Occupy Wall Street march in New York October 1, 2011.
Credit: Reuters


"සන්තුට්ටි පරමං දනං" යැයි බුදුහාමුදුරුවෝ දෙසා වදා සේක.  "සතුට පරම ධනය වේ" යැයි  ඉන් කියැවේ. මෑතකදී ඇමරිකාවේ කොලොම්බියා සරසවියේ  The Earth Institute නම් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව සතුටින් සහ සන්තෘප්තියෙන්, සෑහිමකට පත් ජීවිතයක් ගත කිරීමට නම් ඔබ යා යුත්තේ උතුරු යුරෝපයටය. මේ සතුටින්ම සිටින ජාතීන් ශ්‍රේණිගත කිරීම අනුව ඇමරිකාව සිටින්නේ 17 වැනි ස්ථානයේය.  ඇමරිකාව ගැන බ්ලොගාවකාශයේ වැයෙන ගුණ ගැන ඇසෙනවිට අපට නම් සිතෙන්නේ මේක බටහිර කුමන්ත්‍රණයක් බවය. විදුසරේ ධනේශ් විසුම්පෙරුම, සතුට යනු සාපේක්ෂ අහවල් මෙව්වා එකක් බව නලින්ද සිල්වාගේ තියරිය අනුව යමින් දෙසාබාමින්, අපේ රට මොකා කීවත් ආහ්චර්යම බව පෙන්වාදී තිබේ. ජීවිතය පරදුවට තියා බෝට්ටු වලින් ඔස්ට්‍රේලියාවට පැනයන්න දඟලන උන් ගැන ඇසෙන විට නම් මේ වාර්තාවේ ඇත්ත නැත්ත මොකක්දැයි ඕන  මීමින්නෙක්ට සිතා ගත හැකිය. එච්චර යන්න දඟලන ඔස්ට්‍රේලියාව මේ ශ්‍රේණිගත කිරීමේ දසවැනි ස්ථානය ලබා තිබේ. පිළිවෙලින්,  සතුටින්ම සිටින ජාතීන් අතර ඉහළින්ම සිටින්නේ ඩෙන්මාකය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය සහ ස්වීඩනයයි. අරුමය නම් මේ එකම රටක්වත් බුදුබණ තියා මොන බණක්වත් නොඅදහන, ඇමරිකාව මෙන් "ගෝඩ් බ්ලෙස් ඇමරිකා" වැනි ගොංපාට්ද නැති රටවල් වීමය. 1972 දී භුතානය විසින් පලමු වරට යෝජනා කරන ලද "සතුට පිළිබඳ ආර්ථිකය " සහ "දළ ජාතික සතුට" යන අදහස් අද ලෝකය වේගයන් උකහාගනිමින් තිබේ. මෙම වාර්තාව ප්‍රකාශයට පත්වන්නේ , ආර්ථික දියුණුවට ඇති අවධානය අඩුකර මිනිසුන්ගේ සමස්ත දියුණුව වැඩිකරගැනීමට වැඩි අවධානයක් සඳහා ලෝකයේ නන් දෙසින් හඬ නැගෙද්දීය.